පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තේ හිටපු ජනපති මෛත්‍රී – රංජිත් මද්දුම බණ්ඩාර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකිව යුතු බව සමඟ ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.

“පාස්කු කොමිසමේ සාක්ෂි අනුව නෙවෙයි, එදා ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් විදියට මම කියනවා පාස්කු බෝම්බ ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා භාර ගන්න ඕනි. මේ සම්බන්ධ රහස් ඔත්තු සේවයේ සියලු තොරතුරු දැන්වූවේ හිටපු ජනාධිපතිවරයාටයි. හිටපු අගමැතිටත්, ඇමති වරුන්ටත් මේ ප්‍රහාරය පිළිඹද දන්වලා නෑ. හිටපු ජනාධිපතිවරයා තොරතුරු දැනගෙනත් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්ත නිසා තමයි තුන්සීයකට ආසන්න පිරිසක් මේ විදියට මැරුණේ” යැයි ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *