ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනී

ඊයේ (නොවැම්බර් 01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) පියවර ගෙන තිබේ.
සිපෙට්කෝ නිවේදනයට අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇත.
මීට අමතරව, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා තිබේ.
සංශෝධිත නව ඉන්ධන මිල ගණන් මෙසේය:
ඔක්ටේන් 92 පෙට්‍රල්: රුපියල් 424යි (රුපියල් 10කින් වැඩිවිය)
ඔක්ටේන් 95 පෙට්‍රල්: රුපියල් 490යි (රුපියල් 15කින් වැඩිවිය)
ඔටෝ ඩීසල්: රුපියල් 397යි (රුපියල් 05කින් වැඩිවිය)
සුපර් ඩීසල්: රුපියල් 543යි (රුපියල් 15කින් වැඩිවිය)
මෙම සංශෝධිත නව මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පිහිටි සියලුම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක වේ.
