ට‍්‍රම්ප්

ට්‍රම්ප්ට පරාජයත් සමග බිරිඳත් අහිමිවේ?

පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ එනම් මෙලනියා ට‍්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

2016 වර්ෂයේදී මෙලනියා ට්‍රම්ප්ගෙන් දික්කසාද වීමට සිටියද ට්‍රම්ප් නොසිතූ අයුරින් ජනාධිපතිවරණය ජයගැනීමත් සමග ඇය එම අදහස අත්හැර තිබුණා.

පසුව මෙලනියා ට්‍රම්ප් හඬමින් සිය මිතුරියකට පවසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට කිසිදු විටක තමන් බලාපොරොත්තු නොවූ බවයි.

සත්‍යවශයෙන්ම මෙලනියා ට්‍රම්ප් හට මීට පෙර ට‍්‍රම්ප්ගෙන් දික්කසාද වීමට තීරණය කර තිබුණද සැමියා ජනපති ධුරයට පත්වීම නිසා එය කල්දමා ඇති බව ඇයගේ හිටපු ප්‍රධාන සේවිකාව වන ස්ටෙෆනි වොල්කොෆ් වීදෙස් පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා.

මොවුනගේ වසර 15 ක විවාහ දිවිය ඉක්මනින් අවසන් වීමට නියමිත බවද හිටපු සේවිකාව එම පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම එම සේවිකාව වැඩිදුරටත් කියා ඇත්තේ මේ යුවළ ධවල මන්දිරයේ වෙන වෙනම කාමර දෙකක විසූ බවයි.

මෙලනියා ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට වඩා අවුරුදු 24 කින් බාලය. ට‍්‍රම්ප්ගේ වයස අවුරුදු 74 ක් වන අතර මෙලනියා 50 හැවිරිදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *