අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු බවට තීන්දු කර තිබේ.
පසුගිය වසරේ අමෙරිකාවේ මිනියාපොලිස් ප්‍රදේශයේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරියා ඔහුගේ ගෙල ප්‍රදේශයට දණහිස තබා මරණයට පත්කිරීමේ චෝදනාවට වරදකරු තකර ඇති බව සඳහන් වේ.
අදාළ නඩු විභාගය සති කාලයක් පැවැති අතර එහි තීන්දුව 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාව මඟින් ප්‍රකාශයට පත් කෙරුණි.
එමඟින් ඩෙරික් ෂෝවින් නමැති 45 හැවිරිදි පොලිස් නිලධාරියාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සියල්ලටම වැරදිකරු කර තිබේ.
එම තීන්දුවට අදාළ දඬුවම පසුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
කෙසේවෙතත් පොලිස් නිලධාරියාට වසර 40ක සිරදඬුවමක් නියම වනු ඇති බව වාර්තා වේ.