ජර්මනියේ වෙඩි තැබීමකින් 6ක් මරුට

නිරිතදිග ජර්මානු නගරයක් වන රොට් ඇම් සී හි දී පුද්ගලයෙක් ඔහුගේ පවුලේ සාමාජිකයන් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

26 හැවිරිදි සැකකරු හදිසි සේවා අමතා ඔහු අවන්හලකදී කිහිප දෙනෙකුට වෙඩි තබා ඇති බව වාර්තා කර ඇති අතර සැකකරු ගොඩනැගිල්ලෙන් පිටත පොලිසිය එනතෙක් බලා සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පිරිමින් තිදෙනෙකුගේ සහ කාන්තාවන් තිදෙනෙකුගේ සිරුරු අවන්හල තුළ තිබී සොයාගෙන තිබේ. ඝාතනයට ලක්වූවන් වයස අවුරුදු 36 ත් 69 ත් අතර අය බව බේඩන් වර්ටම්බර්ග් ප්‍රාන්තයේ පොලිසිය පවසයි.

වෙඩි තැබීම පවුලේ ආරවුලකට සම්බන්ධ යැයි විශ්වාස කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *