දීගොඩ කුමාර රිමාන්ඩ් – තීන්දුව සමග අධිකරණයේ දී සිහිසුන් වෙයි

විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කළ හැකි බව කියූ දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත නියෝග කර තිබෙනවා.

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී එම විද්‍යාලයේ සිසුවකුට තිබූ පාන් පිටි ආසාත්මිකතාවක් සුවකරන බව පවසා පාන් කෑමට ලබාදීමෙන් පසු එම ශිෂ්‍යා දැඩි ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු අතර එම සිදුවීමට අදාළව පිළියන්දල පොලිසිය මගින් දීගොඩ කුමාරට විරුද්ධව නඩු පැවරූ අතර පසුගිය 08 වැනිදා කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා දීගොඩ කුමාර වහා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළා.

ඊට අදාළව මෝසමක් පසුගිය (23 වැනිදා) දීගොඩ කුමාර විසින් ඉදිරිපත් කළ අතර දීගොඩ කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ දීගොඩ කුමාරට විරුද්ධව ඇති මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව වැරදි සහගත බවයි.

එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරූපා සේරසිංහ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ තරංගමාලා ගමගේ අධිකරණයට කරුණු දක්වමින් අදාළ ශිෂ්‍යයා තමාට පාන්පිටි ආසාත්මිකතාවක් ඇති බව පැහැදිලිවම කියා සිටියදී දීගොඩ කුමාරගේ අනුදැනුම මත ඔහුට පාන් ආහාරයට ලබාදීම විශාල වරදක් බව පෙන්වා දුන් අතර පැමිණිල්ලේ කරුණු දැක්වීම් අවසානයේ කරුණු දැක්වූ මහෙස්ත්‍රාත්වරයා දරුවාට පාන් ආහාරයට ගැනීමට පෙලඹවීමක් දීගොඩ කුමාර සිදු කර ඇති බැවින් ඉදිරියටත් මෙවන් සිදුවීම් වීමේ අවදානමක පවතින බව ප්‍රකාශ කර දීගොඩ කුමාර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

මහෙස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ දීගොඩ කුමාර නමැත්තා සිහිසුන්ව බිම ඇද වැටුණු අතර එම අවස්ථාවේ ඔහු පෞද්ගලික රෝහලකට රැගෙන යාමට ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.

1 Comment

  1. විබාග ක්‍රමය පමනක්ද අද්‍යාපන ක්‍රමය, ජාතික අද්‍යාපන ආයතනය??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *