“ජබ්බා ජිහාඩි” අත්අඩංගුවට

ISIS සංවිධානයේ පුජකවරෙයක් බව කියන “ජබ්බා ද ජිහාඩි” නම් සැකකරුව ඉරාක විශේෂ ප්‍රහාරක බලකාය විසින් මොසුල් හි පිහිටි නිවසක් තුලදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ISIS සංවිධානයට පක්ෂ පාතිත්වය නොදක්වන ඉස්ලාමිය පුජකයින් ඝාතනය කිරීමට අණ දීම, තරුණියන් දුෂණය කිරීම සහ පසුව ඔවුන් ලිංගික වහලියන් ලෙස විකිණීමට අණදීම මොහු විසින් සිදුකර ඇති බව ඉරාක ආරක්ෂක අංශ සඳහන් කරන අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුව පොලිස් රථයක අසුන් ගැන්වීමට නොහැකි තරම් විශාල වීම (මොහු කිලෝග්‍රෑම් 250ක පමණ බර වේ) නිසා ඔහුව පික්අප් රථයක පසුපස කොටසේ නංවාගෙන රැගෙන යාමට සිදුවු බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *