රැකියා අපේක්ෂිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ක්‍රමවේදය ජනපති පහදයි

රැකියා අපේක්ෂිත සියළුම උපාධිධාරීන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ ක්‍රමවේදයක් කි‍්‍රයාවට නංවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඔහු පවසන්නේ හදාරා ඇති විෂයයන්ට අනුව අදාළ ක්ෂේත‍්‍රවල කඩිනම් පත්වීම් ලබා දෙන බවයි. දිවයින පුරා රැකියා අපේක්ෂිත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමග අද පැවති සාකච්ඡාවකදී මෙම අදහස් පළ කෙරුණා. උපාධිධාරීන් තාක්ෂණය අතින් සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක් ද කි‍්‍රයාත්මක කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිළිබඳ මේ වනවිට දත්ත රැස් කර ඇති අතර පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බදවා ගැනීම කඩිනමින් සිදු කිරීමටද නියමිතයි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු පහසුකම් පුළුල් කිරීමට නම් රටේ ආර්ථික වර්ධනයක් සිදුවිය යුතු අතර ඒ සදහා රාජ්‍ය සේවකයන් කැපවී ක්‍රියා කළයුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *