මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යප්තිය හේතුවෙන් චීනය පුරා වන සත්ත්ව මාංශ වෙළෙඳාම තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
අලෙවිසැල්, සුපිරි වෙළෙඳසැල්, ආපන ශාලා ඇතුළු සියලුම ස්ථානවලට බලපැවැත්වෙන පරිදි ඊයේ (26) සිට මෙම තහනම පනවා ඇති අතර වන සතුන් අලෙවිය සඳහා ප්‍රවාහනය ද තහනම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයේ නීති විරෝධී වන සත්ත්ව හා මුහුදු සත්ත්ව අලෙවිසැල් මගින් ව්‍යාප්ත වූ බවට මේවන විට තොරතුරු වාර්තා වීම හේතුවෙන් චීන බලධාරීන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වන අතර ඒ අනුව තහනම නොතකා වන සතත්ව ආහාර අලෙවි කරන වෙළෙඳසැල් වැටලීමට ද පියවර ගන්නා බව එරට බලධාරීන් දැනුම් දී ඇත.