කොවිඩ් ආසාදිතයින් 10,000ක් රෝහල්වල පැමිනෙයි

මෙරට තුළ රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ආසාදිතයින් 10,372 දෙනෙකු දිවයිනේ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන අතර වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් අනතුරුව රෝහල් ගත ආසාදිතයින් සංඛ්‍යාව මෙවැනි ඉහළ අගයක් ගත් පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙයි.

මේ වන විට නැගෙනහිර කොළඹ මුලික රෝහලේ සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව උපරිම ධාරිතාවට පැමිණ ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.

“මේ රෝහලේ රෝගීන් 120කට වගේ ප්‍රතිකාර කරන්න පුළුවන්. නමුත් මේ වන විට 116ක් රෝගීන් ප්‍රතිකාර ලබනවා. ඒ අනුව පැහැදිලියි උපරිම සීමාව දක්වා අපි ඇවිල්ලා කියලා. ඒ වගේම දැඩි සත්කාර ඒකක හා අධි සත්කාරක ඒකකවල රෝගීන් ඇඳන් 8 ම මේ අවස්ථාව වන විට ප්‍රතිකාර ලබනවා.“

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ,වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් පුද්ගලයින් රැසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම ප්‍රමාදවීම හේතුවෙන් නිවෙස්වල රැඳීසිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *