දඹුල්ලේ එළවළු මැල්සිරිපුර අලෙවි කිරීමට ඉඩ

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය පවසුවේ,දඹුල්ල ප්‍රදේශය හුදකලා කිරීමත් සමග ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු හා පලතුරු මැල්සිරිපුර ප්‍රදේශයේදී අලෙවි කිරීමට ඉඩ ලබාදී ඇතැයි බවයි.

බස්නාහිර පළාතට එළවළු සැපයීම අඛණ්ඩව පවත්වාගැනීමේ අරමුණින් එම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ජේ.එම්.ඒ ඩග්ලස් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“කොළඹින් එළවළු හා පලතුරු ගෙන ඒමට යන ලොරි සැලසුම් කරගෙන තියෙන විදියට මැල්සිරිපුරට ගොවීන් විසින් රැගෙන ඇවිල්ලා රැස්කරගෙන තියෙන ඒවා අපේ ව්‍යාපාරිකයින් විසින් මිල දී ගන්න සැලසුම් කරගෙන තියෙනවා. ඒ වගේම තඹුත්තේගම සිට එළවළු හා පලතුරු වැඩි ප්‍රමාණයක් මේ දවස්වල ලබාගැනීම සඳහා අපි සැලසුම් සකස් කරලා තියෙනවා. මේ නිසා මොනම ආකාරයෙන්වත් එළවළුවල මිල ඉහළ යෑම සිදුනොවන ආකාරයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *