කොරෝනා වෛරස් තත්තවය හේතුවෙන් ගෝලීය කොටස් වෙළෙඳපොළ සියල්ලක්ම පාහේ පහළ යාම තුළ ලොව ධනවතුන් රැසකගේ වත්කම් වටිනාකම් මේ වන විට පහළ ගොස් ඇති අතර වර්තමානයේ දී ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන Amazon නිර්මාතෘ ජෙෆ් බෙසොස් (Jeff Bezos) ගේ වත්කම එක් දිනක් තුළ දී ඩොලර් බිලියන 7 කින් අඩු වී ඇති අතර පසුගිය මාසය තුළ දී එය ඩොලර් බිලියන 18 කින් පහළ ගොස් තිබෙන බව වාර්ථා වේ.
පසුගිය සඳුදා දිනයේ දී Amazon කොටස් මිල 7% කින් පහළ වැටීමත් සමඟම එතෙක් ඩොලර් බිලියන 117 ක්ව පැවති ඔහුගේ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 110 දක්වා පහත වැටී ඇත. මීට මාසයකට පෙර එම අගය ඩොලර් බිලියන 129 ක්ව තිබී ඇත.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පසුගිය සඳුදා සිදු වූ කොටස් වෙළෙඳපොළ පහළ යාම් හමුවේ ලෝක ධනවතුන්ගේ වත්කම් පහළ බැසීම පසුගිය දශක දෙකක කාලයක දී තනි දිනක දී වත්කම් වටිනාකම පහළ ගිය විශාලතම අගය විය හැකි බවයි.