සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මිය යෑමේ සිද්ධියට ගුරුවරු 5කගේ වැඩ තහනම්

පසුගියදා හාලිඇල, ඌව විද්‍යා විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු ගෝමරන්කඩවල, මැදවච්චිය වැවේ දියනෑමට ගොස් දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා අනිවාර්ය විශ්‍රාම ගන්වා ඇති අතර නියෝජ්‍ය විදුහල්පති හා ගුරුවරු 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත් ගුරුවරියන් දෙදෙනා දුෂ්කර සේවය සඳහා යැවීමටත් කටයුතු කර ඇති බවට වාර්තා වෙයි.

අධ්‍යාපන චාරිකාවකට සහභාගි වී සිටියදී ඉකුත් මස 19 දා සවස මැදවච්චිය වැවේ ගිලී සිසුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මියගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් සිදුකළ අතර විදුහල්පතිවරයා හා මෙම ගුරුවරු තම වගකීම පැහැරහැර ඇති බව එම විමර්ශනයේ දී අනාවරණය වී ඇතැයි ඒ මහත්මිය පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *