කොරෝනා මඩින්න චීනයෙන් පරිත්‍යාගයක්

චීනය රජය විසින් කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල 1,000ක් සහ මුහුණු ආවරණ 50,000ක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

මේ අතර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් ඊයේ(12) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව එම තත්ත්වය මැඩ පවත්වා ගැනීමට කටයුතු කළ පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකා රජය චීන රජයට ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක් වූ බවයි.

කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බවද පවසන ලදි.

කොරෝනා වෛරසය ආසාදිතව හමු වූ චීන ජාතික කාන්තාවට ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුලින් ප්‍රතිකාර සේවාවන් ලබාදී සුවපත් කිරිමත්, ඇයව ආදරයෙන් රැකබලා ගැනීමත් පිළිබදව ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ සමස්ත ජනතාවට චීන රජය සහ ජනතාව සිය ස්තූතිය පුද කරන බව ද පැවැසීය.

පසුගිය තෙමසක කාලය තුල චීන රජය කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගන්නා ලද ක්‍රමෝපායන් ඇතුලත් වාර්තාවක් ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා විසින්  සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත මෙහිදී පිළිගන්වන ලදි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *