ඊයේ (04) ගම්පහ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටින්නේ නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සමඟි ජන බලවේගය කොන්දේසි විරහිතව රජයට සහාය පළ කරන බවයි.
රට හා ජනතාව පළමු කොට සිතා කොන්දේසි විරහිතව පක්ෂ භේදයකින් තොරව රජයට සහාය දක්වන බවයි ඒ මහතා පැවසුවේ. එසේම බිය වීමට අවශ්‍යතාවක් නැති බවත් කොරෝනා උවදුරින් රට ආරක්ෂා වන බවත් ඒ මහතා පැවසීය.