-
සමාගම බදාදා නිවේදනය කලේ ලොව පුරා දෙදහසකට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති කොරෝනා වෛරසය සඳහා ඔවුන්ගේ එන්නත නිර්මාණය කිරීම අවසන් කළ බවයි.
-
ඔවුන්ගේ නව ඉලක්කය සත්වයන් යොදාගෙන නව එන්නත අත්හදා බැලීම හා එහි ප්‍රතිඵල මත මිනිස් අත්හදා බැලීම් වේ.
ටෙක්සාස් හූස්ටන් හි ජාන ඉංජිනේරු සමාගමක් වන ග්‍රෙෆෙක්ස් (Greffex) හි විද්‍යාඥයින් පිරිසක් කොරෝනා වයිරසයට ප්‍රති එන්නතක් නිර්මාණය කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
හූස්ටන් බිස්නස් ජර්නලයට (Houston Business Journal) අදහස් දක්වමින් සමාගම පැවසුවේ තමන් එන්නත නිපදවීම අවසන් කර ඇති බවත් එය එක්සත් ජනපද නියාමකයින් විසින් සමාලෝචනය කල පසු සත්වයන් මත මෙම එන්නත පරීක්ෂණ කිරීම සඳහා තම සමගම සූදානම් බවත් ය.
ග්‍රෙෆෙක්ස් සමාගම පැවසුවේ, ආරක්ෂාව සඳහා, එහි විද්‍යාඥයින් එන්නත සෑදීම සඳහා කිසිදු ආකාරයකින් කොරෝනා වයිරසය සජීවී හෝ අක්‍රිය කර හෝ භාවිත නොකල බවයි. බොහෝ එන්නත් වල සජීවී වෛරසය හෝ රෝග කාරකයේ අක්‍රිය ආකාරයක් අඩංගු කර නිපදවන අතර COVID-19 හි ඇති භයානකම නිසා ආසාදනය වීම වැලැක්වීමට ග්‍රෙෆෙක්ස් විද්‍යාඥයින් මෙම පියවර ගෙන තිබේ. ජාන ඉංජිනේරු සමාගමේ විද්‍යාඥයින්යි ඒ වෙනුවට ඔවුන්ගේ එන්නත ඇඩිනෝ වයිරසයක් මත ගොඩනගා ඇත.
වෛරස් ශ්වසන ආසාදන සඳහා ඇඩිනෝ වයිරස වඩාත් පොදු හේතුව වන අතර සෙම්ප්‍රතිශ්‍යාවෙන් සියයට දෙකත් පහත් අතර ප්‍රමාණයක් ඇඩිනෝ වෛරසය අඩංගු වන අතර එන්නත් සෑදීමේදීද ඒවා බහුලව භාවිතා වේ.
මේ අතර තවත් සමාගම් කිහිපයක් ද ප්‍රති එන්නත් නිපදවීමට පර්යේෂණ ආරම්භ කර ඇති අතර ඔවුන් ඔවුන්ගේ මුලික පදනම ලෙස SARS වෛරසය පර්යේෂණ යොදා ගෙන ඇති බවට වාර්ථා වේ.
කෙසේ වෙතත්, එන්නතක් නිපදවීම යනු බෙදා හැරීමේ පළමු පියවර පමණි. ග්‍රෙෆෙක්ස් සිය කාලරාමුව ප්‍රකාශයට පත් කර නොතිබුණද, බොහෝ ඇස්තමේන්තු වලට අනුව පරීක්ෂා කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා මාස 18 සිට අවුරුදු දෙකක් අතර කාලයක් ගතවනු ඇත.