ආණ්ඩුව අනාගත්ත ආර්ථිකය වසාගන්න උත්සාහ කරනවා – මංගල

තමන් විරුද්ධ රජය අමතර මුදල් සපයාගැනීම වෙනුවෙන් ණය සීමාව ඉහළ නංවාගැනීමට මිස සංවර්ධනයට එරෙහි නොවන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි. ඔවුන් මේ බව සදහන් කළේ ඊයේ (20) පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු මාධ්‍ය හමුවක් කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.

“ණය ගැනීමේ සීමාව වැඩි කරන්න ඕනෙලු ඒත්, හේතුව කියන්නේ නැහැ. ජනතාවට දෙන සහනයක් නෙවෙයි මැතිවරණයට වියදම් කරන්න හදන්නේ,
පරිපාලනය කළානම් අපි දුන්නු මුදල් ඇති. ජනතාවාදී අයවැයක් ගේන්න අපි සහය දෙන්නම්, හොර පාරෙන් එන්න හදන්නේ. අනාගත්ත ආර්ථිකය වසාගන්න උත්සාහ කරනවා“

මේ අතර එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගෙන් මාධ්‍යවේදියෙක් මෙසේ විමසා සිටියේය. “ආණ්ඩුව කියන්නේ පහුගිය ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති කරලා අදාළ සමාගම්වලට මුදල් ගෙවලා නැහැ. ඒ බිල් ගෙවන්න තමයි අවශ්‍ය මුදල් ඉල්ලන්නේ කියලා?”

එම ප්‍රශ්ණයට පිළිතුරු දුන් රවි කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ “ඒක අපි පිළිගන්නේ නැහැ ඒ නිසයි වියදම අනුමත කරන්නම් කිව්වේ ණය වැඩි කරගන්න එපා දේශපාලන තීන්දුවකට VAT අඩුකළා. ලොකු ආර්ථික පිම්මක් ගන්න හිතුවා. ඒක නොදන්න නිසා . අපිට වැරදි කියන්න බැහැ“ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *