කොරෝනා අවධානමක් මත තාවකාලිකව වසා දැමුණු අනුරාධපුර ලංගම ඩිපෝව යලි විවෘත කර තිබෙනවා. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ අද පෙරවරුවේ කළ විමර්ශනවලින් පසුවයි..
කොරෝනා ප්‍රශ්ණයක් නිසා අනුරාධපුර ලංගම ඩිපෝවත් තාවකාලිකව වසාදමයි – (Apr 23, 2020 at 08:49)
නව කොරෝනා ආසාධිනය වූ බවට තහවුරු වූ නාවික හමුදා සෙබලාගේ අසල්වාසී පුද්ගලයෙකු ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවේ සේවයේ කිරීම හේතුවෙන් එම ඩිපෝව තාවකාලිකව වසා දමා තිබෙනවා. අනුරාධපුර ඩිපෝවට අයත් බස්රථ ගණන 100කට ආසන්න වන අතර එහි කර්යය මණ්ඩලය 300ක් පමණ වනවා.
කොරෝනා ආසාධිත නාවික හමුදා සෙබලා සමග ඇසුරු කල පිරිස් ඔහු සමගද ඇසුරු කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනුරාධපුර ඩිපෝව වෙත පැමිණ එහි වැඩිදුර පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.