ඉන්දියාවේ රැදි සිටි ශ්‍රී ලාංකික සිසුන් 102ක් අද දිවයිනට

විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික පිරිස් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකසිය දෙදෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙලට අදාළව එහි පළමු කණ්ඩායම පෙරේදා දිනයේ පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි නුවර සිට දිවයිනට පැමිණියේය.

ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගත් අතර අද දිනයේ දිවයිනට පැමිණෙන සිසුන් ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *