දඩයම්කරුවන්ගේ වෙඩි පහරින් වනජීවි නිලධාරියකු මරුට

ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වැටලීම් කටයුතු වල නිරත වී සිටි ඉඟිණියාගල වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු දඩයම්කරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (22) රාත්‍රී කාලයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධව සැකකරුවන් 04 දෙනෙකු වෙඩි තැබීමට උපයෝගී කරගත් බොර 12 ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල පවසයි.

මෙම වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ වයස අවරුදු 25ක් වන ඉඟිණියාගල වනජීවි කාර්යාලයට අනුයක්තව සේවය කළ ප්‍රදීප් සේනාධිර නම් නිලධාරියෙක්. සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *