ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිවීමට යොදාගත් යානයක් කඩා වැටේ

ලැව්ගිනි නිවීමට යොදාගත් යානයක් අද (23) ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට කඩා වැටීමෙන් එහි සිටි තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ස්නොවි මවුන්ටන්ස් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ ඇමරිකානු ජාතියන් තිදෙනකු බවට වාර්තා වේ. අනතුරට පත්වි ඇත්තේ හර්කියුලස් (Hercules C-130) වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වී තිබේ. ලැව්ගිනි පැතිරෙමින් තිබූ පෙදෙසකට යානය කඩා වැටී ඇති අතර විශාල ගිනි බෝලයක් ලෙස දර්ශනය වූ බව සඳහන් වේ. ඉතාමත් පළපුරුද්දක් ඇති මෙම ගිනි නිවීමේ නිළධාරීන් තිදෙනා කැනේඩියානු සමාගමක් වන කොල්සන් ඒවියේෂන් ආයතනය යටතේ සේවය කරමින් සිටියහ. අනතුරට හේතුව අනාවරණය කරගෙන නැති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.