ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව අද(23) සමත් විය.

සිම්බාබ්වේහි හරාරේ නුවර පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලෙස කඩුලු 9ක් දැවී ලකුණු 515 ක් ලබා සිටියදී ඉනිම අත් හිටවීය.
ශ්‍රී ලංකාවට වඩා ලකුණු 157ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 170ක් පමණි. තරගයේ අවසන් දිනයේ අවසාන මොහොතේ පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී ජයග්‍රාහී ලකුණු 13 ක ඉලක්කය කරා ළගාවූ අතර ඒ සදහා වැය වූයේ පන්දුවාර 3ක් පමණි.
තරගයේ සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ද්විත්ව ශතකයක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *