ඕස්ට්‍රේලියාවට අලුත් ප්‍රශ්ණයක්

අධික ලැව් ගින්න, ගංවතුර හා හිම වැසි වලින් බැටකෑ ඕස්ට්‍රේලියානුවන්ට අලුත්ම ප්‍රශ්ණයකට මුහුන දීමට සිදුවී ඇති බව වාර්තා වේ.

ඒ එරට තුල මාරාන්තික විෂ සහිත මකුළුවන් හා ගොණුස්සන් සීග්‍රයෙන් පැතිරයා හැකි බව එරට බලධාරීන් විසින් අනතුරු ඇගවීමත් සමගය.

මකුළුවන් ඕස්ට්‍රේලියාවට ආගන්තුක කරුණක් නොවුවද පසුගියදා ඕස්ට්‍රේලියාවට බලපෑ අධික වර්ෂාව සමග ඇතිවූ උනුසුම් කාලගුණ තත්වය සමග මෙම තත්වය උග්‍ර විය හැකිබව බලධාරීන් අනුමාන කරන අතර පසුගිය වර්ශ වල ගිම්හාන කාලවලදී ව්‍යප්ත වී යන මකුළුවන් මෙවර ගිම්හානට පසු ව්‍යප්තවීමේ අවදානමක් මතු වී තිබේ.

මෙහි භයානක තත්වය වන්නේ පැතිරයන මකුළු විශේෂය ලොව සිටින භයනකම මකුළු වර්ගයකට අයත් වීමයි. ඔවුන්ගේ විෂ ශරීර ගතවුවහොත් එය මරණයකින් අවසන් විය හැකිබව වාර්තාවෙන අතර බලධාරීන් විසින් තම වටපිටාව පිළිබද අවධානයෙන් සිටින ලෙස ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තාවේ.

 

Leave a Reply

Your email address will not be published.