උතුරු කොරියාව අද(2) තවත් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි දකුණු කොරියාව පවසයි. මේ පිළිබඳ විදෙස් වාර්තාවල සඳහන් වනුයේ මෙම මිසයිල වොන්සොන් වරායේ සිට සබ්මැරීනයකින් ගුවන් ගතකර ඇති බවත් කිලෝමීටර් 910ක් උසින් කිලෝමීටර් 450ක් දුර ගමන් කර ජපන් මුහුදට ඇද වැටුණු බවත්ය.
ඇමරිකාව සමග න්‍යෂ්ටික අවි පිළිබඳ සාකච්ඡා යළි අරඹන බවට උතුරු කොරියාව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම මිසයිල ගුවන් ගතකර ඇත.
ජපාන අග්‍රාමාත්‍ය ශින්සුවා අබේ මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ උතුරු කොරියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශයන් උල්ලංඝණය කර ඇති බවයි. මෙය උතුරු කොරියාව විසින් මෙම වසරේ එල්ල කළ 11 වන මිසයිල ප්‍රහාරය ලෙස සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි / Image – The Newyork Times))