Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කාදිනල් හිමියන්ගෙන් ‍ජනපති අපේක්ෂකයන්ට වැට

කාදිනල් හිමියන්ගෙන් ‍ජනපති අපේක්ෂකයන්ට වැට
Sri Lankan Catholic Archbishop of Colombo, Malcolm Ranjith, gestures as he speaks during a press conference in Colombo on April 30, 2019. - Sri Lanka's Catholic Church said public masses will resume May 5 under tight security, two weeks after Easter bombings claimed by the Islamic State group killed 253 people at three churches and three luxury hotels. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP) (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

ජනාධිපති ධුර අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් තමන් හමුවී සාකච්ඡා කිරීමට කළ ඉල්ලීම් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ විධිමත්ව සිදුනොවන බව පවසමින් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ ජනාධිපති ධුර අපේක්ෂකයන් හමුවීමට තම සූදානමක් නොමැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඇතුළු අනෙක් ජනාධිපති ධුර අපේක්ෂකයන් කළ ඉල්ලීම් කාදිනල් හිමිපාණන් ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාගෙන් විමසීමකදී මේ බව තහවුරු කළේය.

මේ අතර මැතිවරණ කාලසීමාව තුළදී දිවයින පුරා දේවස්ථානවලට පූර්ණ ආරක්ෂාව ලබාදෙන ලෙස කාදිනල් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *