Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සංගක්කාර මාර්ලිබෝන් වැඩ අරඹයි

සංගක්කාර මාර්ලිබෝන් වැඩ අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) නව සභාපතිවරයා වශයෙන් ඊයේ (1) වැඩ බාරගත්තේය. වසර 150 කට වැඩි  ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වු ඉංග්‍රීසි ජාතිකයකු නොවන පළමු වැන්නා කුමාර් සංගක්කාරය.

ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයා වූ ඇන්තනි ෆෝඩ් විසින් පසුගිය මැයි මාසයේදී පැවැති මහ සභා රැස්වීමකදී කුමාර් සංගක්කාර එහි නව සභාපතිවරයා වශයෙන් නම් කරන ලදි. සංගක්කාර වසරක කාලයක් මෙම ක්‍රීඩාං සමාජයේ සභාපති තනතුර හොබවනු ඇත.

“එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ ගෞරවනීය සභාපතිවරයා වශයෙන් පත්වීමට ලැබිම සම්බන්ධයෙන් මට විශාල සතුටක් තියෙනවා. එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සෙසු සාමාජිකයන් හා එක්ව වෙහෙසීමෙන් වැඩ කරන්නත් ක්‍රිකට් ක්‍රීඩාවේ අගනා වර්ෂයක් සම්පුර්ණ කිරිමට මා බලාපොරොත්තු වෙනවාග අපි වඩාත් ආදරය කරන ක්‍රීඩාවට වැඩි වැඩියෙන් ආධාරකරුවන් එක්කර ගැනීමේ හොද අවස්ථාවක් අපට ලැබි තිබෙනවා. එනිසා මර්ලිබොන් ක්‍රිකට් සමාජය දේශීය වශයෙන්  අන්තර්ජාතික වශයෙන් කරනු ලබන කාර්යයන් පිළිබඳව ඒ ඒ ප්‍රජාවන් දැනුවත් කළ යුතුයි” යයි වැඩ බාරගැනීමෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් කුමාර් සංගක්කාර පැවසීය.

මේ වන විට 41 හැවිරිදි වියේ සිටින සංගක්කාර ටෙස්ට් තරග 134 කදී ලකුණු 12, 400 ක් ලබා සිටින අතර එම්.සී.සී. ක්‍රීඩා සමාජය සමඟ දීර්ඝකාලීන සම්න්ධනා ඇති අයෙකි. සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආරම්භක පිතිකරුවා වශයෙන් වසර 2002  දී එම්.සී.සී. පිලට එරෙහිව ක්‍රීඩා කළේය. වසර 2011 දී කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනය කරමින් ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ පමණක් නොව විද්වතුන්ගේත් ගෞරයට පාත්‍ර වූ සංගක්කාරට 2012 දී එම්.සී.සී. ගෞරවනීය යාවජීව සාමාජීකත්වය පිරිනැමිණි.

එම වසරේදීම එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවට එක්වූ සංගක්කාර තවමත් එහි ක්‍රියාකාරි සාමාජිකයෙකි. පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංගක්කාර එංගලන්තයේදී සහභාගි වූ අවසන් ටෙස්ට් තරඟයේදී (2014) ලොඩ්ස් පිටියේදී ශතකයක් ද ලබාගත්තේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *