ඉන්දියාවේ මහාරාස්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක ඔක්සිජන් ටැංකියක් කාන්දුවීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඔක්සිජන් ටැංකිය කාන්දුවීමෙන් රෝහල අවට ප්‍රදේශය දුමාරයෙන් වැසීගොස් ඇති අතර කාන්දුව වැළැක්වීම සඳහා ගිනි නිවන භටයින් එම ස්ථානයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මියගිය පිරිස අතර රෝගීන් ද වූ බව බලධාරීන් පැවසීය.
රෝගීන් 80 දෙනෙකු සඳහා ඔක්සිජන් අවශ්‍ය ව ඇති අතර ඉන් 31 දෙනෙකු වෙනත් රෝහල් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබේ.