ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ කිරීමට විනාඩි කිහිපයකට පෙර අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් 16 හැවිරිදි කලු ජාතික තරුණියක් ව වෙඩි තබා ඝාතනය කර තිබේ.
එහිදී මියගොස් ඇත්තේ මාකියා බ්‍රයන්ට් නම් තරුණියකි.
පොලිසිය විසින් නිකුත්කර ඇති වීඩියෝවක දැක්වෙන්නේ එම තරුණිය විසින් වෙනත් පුද්ගලයෙක් ව තල්ලු කරන බවත් එම හේතුවෙන් එම පුද්ගලයා බිම ඇද වැටෙන බවත්ය.
අනතුරුව බ්‍රයන්ට් තවත් තරුණියක් වෙත පිහියක් දිගු කරන ආකාරයත් එම වීඩියෝවේ දැක්වේ. එවිටම පොලිස් නිලධාරියෙක් ඇය ට වෙඩිතබා තිබේ.
පොලිස් නිලධාරියා විසින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර ඇති අතර ඉන් සුළු වේලාවකට පසුව බ්‍රයන්ට් එම ස්ථානයේම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.