Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොළඹ නිවසකින් සොයාගත් ඉඩම් ඔප්පු 240 රිෂාඩ්ගේ බිරිඳගේ

කොළඹ නිවසකින් සොයාගත් ඉඩම් ඔප්පු 240 රිෂාඩ්ගේ බිරිඳගේ

කොළඹ පිහිටි නිවසකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා සොයාගත් ආන්දෝලනයට තුඩු දුන් ඉඩම් ඔප්පු, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳට අයත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේ අනාවරණ කළේය.

ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර හිමි වුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ 05 ඉසිපතන මාවතේ නිවසක් ඉකුත් 10වනදා පරික්ෂාවට ලක් කොට එහි තිබී මුදල් ලේඛන සහ ඔප්පු පිටපත් දෙසිය හතලිහක් සිය භාරයට ගැනුණි.

සතොස ආයතනය තුළ සිදුවූ ගනුදෙනුවලට අදාල ලිපි ලේඛණ තොගයක් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් විවිධ පුද්ගලයින්ගේ නම්වලින් ලබා ගත් අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු ඒ අතර වූ බවයි වාර්තා වූයේ.

සතොස ආයතනයේ ලිපි ලේඛන ළඟ තබාගැනීමට සැකපිට  නිවෙස්හිමියා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

එම නඩුව අද  ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට පැවසුවේ ලිපි ලේඛන අතර තිබූ මුදල් පෙරොන්දු පත්‍රයක් සම්බන්ධව නිවසේ හිමිකරු අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවයි.

එම මුදල් පොරොන්දු පත්‍රයේ වටිනාකම රුපියල් නව ලක්ෂ තිස්පන්දහසක් බවට එම පුද්ගලයා සඳහන් කළ ද එහි සත්‍ය වටිනාකම රුපියල් නව කෝටි අසූ නව ලක්ෂ තිස්පන්දහසක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණ කළේය.

සැකකාර නිවෙස් හිමියා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් මෙම නඩුව එළැඹෙන 28වනදා යළි කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *