උදයංග

උදයංග වීරතුංග රිමාන්ඩ්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මිග් යානා මිලදී ගැනීමේ දී වංචාවක් සිදුකළ බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය රජය සමයේ සිදුකළ විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි.

ඔහු දුටුතැන අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර පසුව ජාත්‍යන්තර පොලිසිය වෙතද රතු නිවේදන නිකුත් කළේය.

එහිදී රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා දුටු තැන අත්අඩංගුවට ගැනිමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර ඇති වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙස සහ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ඔහුග් නීතිඥයින් විසින් කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

කෙසේවෙතත් 2018 වසරේ පෙබරවාරී හතරවනදා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේ දී රඳවා ගනු ලැබුවේය.

ඒ අමෙරිකාව බලා පිටත්ව යාමට ඩුබායි ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් ඊට දින හතරකට පසුව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උදයංග වීරතුංග මහතා සඳහන් කර තිබුණේ ජාත්‍යන්තර පොලීසිය විසින් තමා පරීක්ෂා කර තමා හට ජාත්‍යන්තරව කිසිඳු චෝදනාවක් නොමැති බව හා ජාත්‍යන්තර රතු නිවේදනයක් නොමැති බව සනාථ විමෙන් පසු නිදහස් කළ බවයි.

එහෙත් වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2018 වසරේ මාර්තු මස 16 වනදා විවෘත වරෙන්තු නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *