රිෂාඩ්

රිෂාඩ්ගේ අමෙරිකාවේ ගිණුමට ඩොලර් ලක්ෂයක මුදලක් යවලා – විමල් වීරවංශ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ අමෙරිකාවේ පිහිටි ගිණුමට අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලැබී ඇති බවට අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කර සිටිනවා. එතුමා මේ බව පැවසුවේ කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

2018 වර්ෂයේදී පැවති දින 52ක රජය සමයේදී රිෂාඩ් බදුර්දීන් ගේ මන්ත්‍රිවරයාගේ අමෙරිකාවේ පිහිටි ගිණුමට මෙම මුදල යවා ඇති බවයි එතුමා සඳහන් කර සිටියේ.
ඉන් පසු නැවත වරක් අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් බැර කිරිමට යවා ඇති අතර එම අවස්ථාවේදී අමෙරිකාවේ ෆෙඩරල් පොලිසිය (FBI) මගින් එය නතර කර ඇති බවයි විමල් විරවංශ ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කලේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (09) දිනයේදී ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී රිෂාඩ් බදුර්දීන් විසින් විවිධ පුද්ගලයින් ගේ නම් යොදා ගෙන මිලදී ගත් ඉඩම් ඔප්පු පිටපත් 227 ක් සහ සත්‍ය පිටපත් 08 ක් ද ඇතුළුව ලිපි ගොනු රැසක් කොළඹ ප්‍රදේශයේ නිවසක තිබියදී හමුවී ඇති බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන බවත් රිෂාඩ් බදුර්දීන් හිටපු ඇමතිවරයා විසින් වංචා කළ මුදල් සම්බන්ධයෙන් සොයා බැලීමේදී අමෙරිකාවේ පිහිටි ගිණුම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවද ඇමති විමල් විරවංශ කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *