Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි
ප්‍රවෘත්ති

පළාත් 7කට සහ දිස්ත්‍රික්ක 4කට තද අකුණු අනතුරු ඇඟවීමක්: දිස්ත්‍රික්ක 21කට රතු නිවේදන

පළාත් 7කට සහ දිස්ත්‍රික්ක 4කට තද අකුණු අනතුරු ඇඟවීමක්: දිස්ත්‍රික්ක 21කට රතු නිවේදන

අද (16) දිනයේදී උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහාද තද අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීම අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ.

අදාළ පළාත් සහ දිස්ත්‍රික්කවලින් දිස්ත්‍රික්ක 21කට රතු අනතුරු ඇඟවීම්ද, දිස්ත්‍රික්ක 4කට ඇම්බර් අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.

මෙම ප්‍රදේශවල ස්ථාන කිහිපයක තද අකුණු සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ප්‍රදේශ කිහිපයක තද සුළං තත්ත්වයක්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අකුණු ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *