පළාත් 7කට සහ දිස්ත්‍රික්ක 4කට තද අකුණු අනතුරු ඇඟවීමක්: දිස්ත්‍රික්ක 21කට රතු නිවේදන

අද (16) දිනයේදී උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහාද තද අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීම අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ.

අදාළ පළාත් සහ දිස්ත්‍රික්කවලින් දිස්ත්‍රික්ක 21කට රතු අනතුරු ඇඟවීම්ද, දිස්ත්‍රික්ක 4කට ඇම්බර් අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.

මෙම ප්‍රදේශවල ස්ථාන කිහිපයක තද අකුණු සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ප්‍රදේශ කිහිපයක තද සුළං තත්ත්වයක්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අකුණු ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *