Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පැල්මඩුල්ල, ඇහැලියගොඩ, කුරුවිට නඟර සංවර්ධනයට පියවර

පැල්මඩුල්ල, ඇහැලියගොඩ, කුරුවිට නඟර සංවර්ධනයට පියවර

රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ නගර 100 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මේ වන විට රජය ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩපිලිවෙළ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නාගරික තදබදයක් පවතින ඇහැළියගොඩ, කුරුවිට‌, පැල්මඩුල්ල නගර සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිමල් පෙරේරා මහතාගේ සහ එම අධිකාරියේ නිළධාරින්ගේ සහභාගීත්වයෙන් ඊයේ දින බත්තරමුල්ල නාගරික සංවර්ධන අධිකාරියේ දී පැවැත්වුණි.

ඒ අනුව ඇහැළියගොඩ නගරයේ වාහන තදබදයට පිළියමක් ලෙස රුපියල් මිලියන 350 ක වියදමින් ඉදිවෙමින් පවතින කිලෝමිටර් 2.2 ක දුරකින් යුත් විකල්ප මාර්ගයේ වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීම පිළිබදවත්, ඉදිවෙමින් පවතින මහජන ක්‍රීඩාංගණයේ වැඩකටයුතු කඩිනමින් නිම කිරීම පිළිබදවත් සාකච්ඡා කරන ලද අතර, මේ වසරේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල, පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, වාණිජ සංවර්ධන ප්‍රදේශ, සම්මන්ත්‍රණ ශාලාව සහ රංග ශාලාව, විවේක දූපත සහ බෝට්ටු අංගනය, නවීන හෝටල් සංකීර්ණය, නිවාස යෝජනා ක්‍රමය, නව බස් නැවතුම්පල, රථවාහන අංගනය, යන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීම පිළිබදව ද සාකච්ඡා කෙරිණි.

පැල්මඩුල්ල නගර සංවර්ධනය යටතේ පැල්මඩුල්ල නගරයේ වාහන තදබදයට පිළියමක් ලෙස කිලෝමිටර් 2.2 ක දුරකින් යුත් රුපියල් මිලියන 75 ක වියදමින් ඉදිකිරීමට නියමිත විකල්ප මාර්ගයේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරිම පිළිබදවත්, නව බස් නැවතුම්පල ඉදිකිරිම පිළිබදවත් සාකච්ඡා වූ අතර, කුරුවිට නගර සංවර්ධනය යටතේ රුපියල් මිලියන 150 ක වියදමකින් ක්‍රියාත්මක කිරීමට මහජන සුරැකුම් සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරිම පිළිබදවත් මෙහිදී තීරණය විය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය රංජිත් බණ්ඩාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් ප්‍රේමරත්න, කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමරත්න මල්කැකුළ, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *