ගුවන්තොටුපොළ වැසීම හෝ සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ සෞඛ්‍යය නිර්දේශ අනුව යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ගම්පහ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කොවිඩ් වෛරසයේ ප්‍රභේද වෙනස් කරමින් නැවත නැවත මතුවීමේ තත්ත්වයට මුහුණ දීමට සෞඛ්‍ය අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම හෝ ගුවන්තොටුපොළ වැසීමට අදාළව තීරණ ගනු ලබන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.