යුද්ධ හමුදා සාමාජිකයන් වෙත පලමු එන්නත් මාත්‍රාව ලබාදිම ජනවාරි 29 වන දින කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරූ අතර,
කොවිඩ් – 19 වෛරසය වැළැක්වීමේ එන්නත් වැඩසටහනට සමගාමීව ලබාදෙන දෙවන එන්නත් මාත්‍රාව කොළඹ යුද්ධ හමුදා රෝහලේදී කොවිඩ් – 19 මර්ධනය කිරීම සඳහා ඉදිරි පෙළ රාජකාරි සිදුකරන යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ලබාදීම ඊයේ දින ආරම්භ කරන ලදී.