VAT අදාළ නැති කට්ටිය මෙන්න

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 ජනවාරි 01 දින සිට එකතුකළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරන ලද ව්‍යාපාර ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, 2002 අංක 14 දරණ එකතුකළ අගය මත බදු පනතේ 16 වැනි වගන්තිය ප්‍රකාර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් එකතුකළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරනු ලබන අවස්ථාවක, 73 වන වගන්තියේ විධිවිධාන වල කුමක් සඳහන් වූවද, එසේ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරනු ලැබූ තැනැත්තන්ගේ නම් සහ ලියාපදිංචි අංක දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ලැබීය යුතු අතර, එසේ ප්‍රසිද්ධ කරනු ලැබූ ලැයිස්තුව, මාසිකව යාවත්කාලීන කරනු​​ ලැබීය යුතු බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අදාළ ලැයිස්තුව සඳහා මෙතනින් ප්‍රවේශ විය හැකිය.

Leave a Reply

Your email address will not be published.