Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ATM ජාලය සුරක්ෂිතයි.. කටකතාවලට රැවටෙන්න එපා.

ATM ජාලය සුරක්ෂිතයි.. කටකතාවලට රැවටෙන්න එපා.

සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් ලංකා ක්ලියර් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙලෙස හුවමාරු වූ පණිවුඩයෙන් කියා තිබුණේ මෙරට සියලු බැංකු ජාල හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බවත් සියලු බැංකු ගිණුම් හිමියන් ඔවුන්ගේ ගිණුම් ශේෂ යළි වතාවක් පරීක්ෂා කර තහවුරු කර ගන්නා ලෙසත්ය. මෙම පණිවුඩයේ ඇතැම් බැංකුවල නම් සඳහන් කරමින් ඒවායේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) භාවිතා නොකරන ලෙස ද සඳහන් වී තිබිණි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ක්ලියර් ආයතනය කියා සිටින්නේ විවිධ කණ්ඩායම් විසින් විවිධ අරමුණු ඇතිව එවැනි සාවද්‍ය පණිවුඩ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදා හරිනුලබන බවත් මෙය මූල්‍ය ක්‍ෂේත්‍රයේ කීර්ති නාමයට හානි කිරීමේ චේතනාවෙන් කිසිදු ප්‍රතිපත්තියක් නැති දුෂ්ට පුද්ගලයින් විසින් බෙදා හරින ලද ද්වේෂ සහගත පණිවුඩයක් ලෙස සලකන බවයි.

මෙහිදී ලංකා ක්ලියර් ආයතනය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය (ATM) කිසිදු අවදානමකට පාත්‍ර වී නොමැති බවත් ඇඨ්M පද්ධතිය භාවිතයට ආරක්ෂිත බවට සියලුම බැංකු තහවුරු කර තිබෙන නිසා පාරිභොගිකයන්ට අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *