Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

ලොවම සසල කළ ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි

ලොවම සසල කළ ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි

ඔස්ටේ‍්‍රලියාව පුරා පැතිර යන දරුණු ලැව් ගිනි මේ වනවිට ලොව පුරා අවධානයට පාත්‍රවී ඇත. ඔස්ටේ‍්‍රලියාවේ ඇතැම් ප‍්‍රාන්තවල ඇති වන බවට ප‍්‍රකාශ වී ඇති සෙල්සියස් අංශක 40 ඉක්මවූ අධික උෂ්ණත්වයත් සමගම මෙම ලැව් ගිනි තවත් දරුණු ලෙස පැතිර යෑමේ අවදානමක් පවතින බවට ඔස්ටේ‍්‍රලියා බලධාරීහු මහජනතාවට අනතුරු අඟවා සිටිති.

මෙම අනතුරු ඇඟවීමත් සමගම ලැව් ගිනි අවදානම පවතින දකුණු දිග නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තය, ඊසාන දිග වික්ටෝරියා ප‍්‍රාන්තයේ හා නැගෙනහිර ගිප්ස්ලන්තයේ වෙසෙන දසදහස් ගණන් වූ ජනතාව, එම ප‍්‍රදේශවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා ගෙන යෑම පොලිසිය මගින් සිදු කරයි. වික්ටෝරියා ප‍්‍රාන්තය තුළ ප‍්‍රකාශයට පත් කර ඇති හදිසි අවස්ථාව හේතුවෙන් පොලිසියට තම බලය යොදවා ජනතාව ඔවුන් පදිංචි ප‍්‍රදේශවලින් ඉවත් කිරීමේ බලතල හිමි වුවද එම බලය භාවිතා නොකරන බව පොලිසිය විසින් ප‍්‍රකාශ කර තිබිණි.

මේ අනුව ඉතාමත් සාමකාමී ලෙස ජනතාව ලැව් ගිනි අවදානම් ප‍්‍රදේශවලින් ඉවත් කිරීම සිදු වී ඇති අතර ඊයේ වන විට ඔස්ටේ‍්‍රලියානු ජාතිකයන් හා විදෙස් සංචාරකයන් පිරිසක් ඉවත් නොවී අදාළ අවදානම් ප‍්‍රදේශවල රැඳී සිටින බවට වාර්තා වී තිබිණි. එම පිරිසට ඊයේ රාත‍්‍රිය වන විට ඉවත් වන ලෙස දන්වා ඇති පොලිසිය අධික උෂ්ණත්වයත් සමගම අද දින ඇවිළෙන ලැව් ගිනි නොසිතූ විරූ ලෙස දරුණු හා වේගවත් විය හැකි බව නිවේදනය කර තිබේ.

මේ අතර නිව්සවුත් වේල්ස් හා වික්ටෝරියා ප‍්‍රාන්තවල ගිනි නිවන හමුදා භටයන් විසින් ප‍්‍රකාශ කර ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවේ ඇවිළී යන දරුණු ලැව් ගිනි පාලනය කිරීමේ හැකියාව ඔවුනට නොමැති බවයි.

ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට ඔස්ටේ‍්‍රලියාව පුරා පැතිර යන ලැව් ගිනි හේතුවෙන් 19 දෙනකු මේ වන විට මිය ගොස් ඇති අතර ඉන් 10 දෙනකුම මිය ගොස් ඇත්තේ ඉකුත් දෙසැම්බර් 30 වැනිදා සිටය. මේ අතර දැනට පාලනයකින් තොරව දකුණු ඔස්ටේ‍්‍රලියාවේ පිහිටි කැන්ගරු දුපතේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් විශාල දේපළ විනාශ වීමක් සිදු වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

ලැව් ගිනි හේතුවෙන් නැගෙනහිර ගිප්ස්ලන්තයේ කොටු වී සිටි ඔස්ටේ‍්‍රලියානු ජාතිකයන් හා විදෙස් සංචාරකයන් 1000 ක් පමණ දෙනා ඊයේ නාවුක හමුදාව විසින් මුදා ගෙන තිබේ. ඔස්ටේ‍්‍රලියාවේ ලැව් ගිනිවල බලපෑම කිලෝමීටර 2000 ක් ඇතින් පිහිටි නවසීලන්තයටත් ඔස්ටේ‍්‍රලියාවේ ලැව් ගිනි හේතුවෙන් වායු ගෝලයට නිකුත් වී ඇති ගිනි පුපුරු හේතුවෙන් කිලෝමීටර 2000 ක් පමණ ඈතින් පිහිටි නවසීලන්තයේ අහස තැඹිලි පැහැගැන්වී ඇති බව නවසීලන්ත බළධාරීහු ප‍්‍රකාශ කළහ. මෙයට අමතරව ඔස්ටේ‍්‍රලියාවේ ලැව් ගිනි මගින් නිකුත් කර ඇති විෂ දුම් හා අළු ජෙට් යානයක් හරහා පැමිණීමෙන් නවසීලන්තයේ දකුණු දිග ඇල්ප්ස් කඳුවැටිය මුදුනෙහි ඇති සුදු පැහැති හිම ග්ලැසියර කැරමල් දුඹුරු පැහැය ගෙන ඇතැයි වාර්තා වේ. මෙසේ මතු පිට දුර්වර්ණ වීම නිසා එම හිම ග්ලැසියර මෙම වසරේදී දියවී යෑම වේගවත් වනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

මෙම ලැව් ගිනි හේතුවෙන් ලක්ෂ ගණනක් වූ සතුන්ගේ ජීවිත විනාශ වීම ලොව පුරා වඩාත් කථාබහට පත්විය. අනතුරට පත්වූ කැන්ගරුවන් ඇතුළු සතුන්ගේ සංවේදී දසුන් ලොවපුරා සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ. එසේම මියගිය සතුන්ගේ ගණන අති විශාල බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *