මහ බැංකු කොල්ලයේ මහ මොළකරු අර්ජුන් මහේන්ද්‍රන් පිළිබද අධිකරණ ඇමතිගේ ප්‍රකාශය.

මහ බැංකු මංකොල්ලයට චෝදනා ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට සිදු කර ඇති ඉල්ලීම සමබන්ධව ඉදිරියේදී කරුණු වාර්තා කරන බව අල් සබ්‍රි මහතා සදහන් කලේය.

විපක්ෂයේ ප්‍රදාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට අනුව අධිකරණ ආමාත්‍ය තුමා පවසා සිටියේ තමා නීතිපතිගෙන් මේ සම්බන්ධව වාර්තාවක් ඉල්ලා ඇති බවයි.

එලෙසම අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ නවතම තොරතුරු නීතිපතිවරයාගේ වාර්තාවට අනුව යථා කාලයේදී පාර්ලිමේන්තුවට ලබාදීමට ක්‍රියාකරන බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *