නීතිපති විසින් සම්පායෝ ඇතුළු 7දෙනෙකුට එරෙහිව නඩු පවරයි

මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ. ඒ තහනම් භාණ්ඩ මීගමුව බන්ධනාගාරයට ගෙන ඒම සඳහා කුමන්ත්‍රණය කිරීම, ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම ඇතුළු චෝදනා යටතේයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කරන්නේ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයාට අමතරව, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් 04 දෙනෙකුට සහ රැඳවියන් දෙදෙනෙකුට එරෙහිවද නීතිපතිවරයා මෙලෙස නඩු පවරා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *