මහර

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය 11 දෙනාගෙන් 9 කට කොරෝනා

ඉකුත්දා මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියේදී මියගිය රැඳවියන් 11 දෙනා ගෙන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසන්නේ  පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී මේ බව තහවුරු  වී ඇති බවයි.

අද දිනය වන විට එලෙස මියගිය පුද්ගලයින් 09 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ බවත් තවත් මියගිය රැඳවියන් දෙදෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *