PCR පරීක්ෂණ පුළුල් කෙරේ

කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමට අදාළ PCR පරීක්ෂණ පුළුල් කිරීම සඳහා අවශ්‍ය PCR යන්ත්‍ර 20ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට සැලසුම් කර තිබේ. විශ්වවිද්‍යාල හා වෙනත් රාජ්‍ය ආයතන සතු PCR යන්ත්‍ර මෙලෙස ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

මේ අතර නව කොරෝනා ආසාධනය හදුනාගැනෙන පී සී ආර් පරීක්ෂණ කොළඹ නාගරික ප‍්‍රදේශවල වතු ආශි‍්‍රතවද අහඹු ලෙස තොරා ගන්නා පුද්ගලයින්ටද සිදු කෙරෙමින් තිබේ. එමෙන්ම කොළඹ මහ නගර සභාවේ සනීපාරක්ෂක සේවකයින් ද අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ වලට ලක් කෙරෙන බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *