Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ශ්‍රී ලන්කන් මගී ගුවන් ගමන් මැයි 15 තෙක් අත්හිටුවයි

ශ්‍රී ලන්කන් මගී ගුවන් ගමන් මැයි 15 තෙක් අත්හිටුවයි

COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් තව දුරටත් ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම ලබන මැයි මස 15 දක්වා දීර්ඝ කර තිබේ.

කෙසේ වෙතත්, රජයට සහය දැක්වීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය සම්පත්, උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා පවතින ලෝක ව්‍යාප්ත ජාලය අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

එමෙන්ම අවශ්‍ය විටෙක සහ අවශ්‍ය පරිදි විශේෂ මගී ගුවන් ගමන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කරන බවත් සමාගම පවසයි.

වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමෙන්, සහ ලගම ඇති ශ්‍රී ලන්කන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.

එසේම වැඩි විස්තර සඳහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *