MT New Diamond නෞකාවට මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර

Share this Article

මුදල් සහ අදාළ වන්දි ලබාදීමේ පදනම මත “MT New Diamond” නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අදාළ නෞකාව හිමි සමාගමට අවසරය ලබාදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ වන විටත් එම නෞකාව මෙරට මුහුදු කලාපයෙන් ඉවතට රැගෙන යාම ආරම්භ කර ඇති බව කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාව ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල සහ නෞකාවෙන් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් සිදුවූ පරිසර දූෂණයට අදාළ වන්දිය ලෙස රුපියල් මිලියන 440 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමට නෞකාව හිමි සමාගම එකඟතාව පළ කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.


Share this Article

Leave a Reply

Your email address will not be published.