නව රජයට මෙරට ආර්ථිකය පාලනය කිරීමේ හැකියාවක් නෑ – සජිත්

වත්මන් ආණ්ඩුවට රටේ ආර්ථිකය පාලනය කළ නොහැකි තත්ත්වයකට පැමිණ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (01) මැද කොළඹ පැවැති ජනහමුවක් අමතමින්.

තිඹිරිගස්යායේ පොල් ගෙඩි විකුණන වෙළඳසලක එක පුද්ගලයකුට දෙන්නේ ගෙඩි පහයි. අද ටයර් හිඟයක් තිබෙනවා. ටයර් ආනයනය නවත්තලා

අද භාණ්ඩවල හිඟයක් තිබෙනවා. තිඹිරිගස්යායේ පොල් ගෙඩි විකුණන කඩේක එක පුද්ගලයකුට දෙන්නේ පොල් ගෙඩි පහයි. අද ටයර් හිඟයක් තිබෙනවා. ටයර් ආනයනය නවත්තලා. අපේ රටේ විවෘත ආර්ථිකය වැසුණු ආර්ථිකයක් බවට පත් කරලා තිබෙනවා.

වැසුණු ආර්ථිකයක් බවට රට පත් වෙද්දි භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. භාණ්ඩ හිඟයක් ඇති වෙද්දි භාණ්ඩ මිල ඉහළ යනවා. එවිට ජනතාව කර කියා ගන්න බැරිව නන්නත්තාර වෙනවා. මේකෙන් පෙන්නේ මේ ආණ්ඩුවට ආර්ථිකය පාලනය කළ නොහැකි බව යැයි ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *