මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ (DMT/RMV) නිල දත්ත පද්ධතියේ ලියාපදිංචි නොවී දැනට භාවිතයේ පවතින සහ ධාවනය කෙරෙන යතුරුපැදි (Motorcycles) පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
නිකුත් කර ඇති විශේෂ මහජන නිවේදනයකට අනුව, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු ලේඛනවල ලියාපදිංචි නොවූ යතුරුපැදි සන්තකයේ තබාගෙන සිටින හෝ එවැනි යතුරුපැදි භාවිත වන බවට තොරතුරු දන්නා පුද්ගලයින්ගෙන් අදාළ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
මෙරට මාර්ගවල ධාවනය කෙරෙන නමුත් දෙපාර්තමේන්තු ලියාපදිංචි දත්ත පද්ධතියට මෙතෙක් ඇතුළත් වී නොමැති යතුරුපැදි පිළිබඳ නිශ්චිත දත්ත එක්රැස් කරගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
තොරතුරු ලබාදෙන්නේ කෙසේද?
මෙවැනි ලියාපදිංචි නොවූ යතුරුපැදි පිළිබඳ තොරතුරු දන්නා හෝ එවැනි වාහන හිමි මහජනතාවට පහත සඳහන් නිල මාර්ගගත සබැඳිය (Google Form) ඔස්සේ පිවිස අදාළ තොරතුරු ලබාදෙමින් මෙම දත්ත එක්රැස් කිරීමේ ක්රියාවලියට සහය වන ලෙස බලධාරීහු කාරුණිකව ඉල්ලා සිටිති:
🔗 තොරතුරු ඇතුළත් කිරීමේ නිල පෝරමය:
