IDH රෝහලෙන් පැනගිය කාන්තාව සොයාගනී.

මෙම කොවිඩ් ආසාදිත කාන්තාව ඇහැලියගොඩ සිදුරංගල කැලෑබද ප්රදේශයක සැගවී සිටියදී ගම්වාසින් විසින් අල්ලා පොලිසියට භාර දී ඇත.
මේඅනුව කාන්තාව ගමන් කල ස්ථානයන් හා හමුවූ ආශ්රිතයන් සොයා ඉක්මන් නිරෝධායන ක්රියාමාර්ග ගැනීමට පොලීසිය ක්රියා කරමින් සිටී.
