කොරෝනා හැදිලා ආයෙත් හැදෙයිද?

කෝවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ තැනැත්තෙකුට අවම වශයෙන් මාස හයක් වත් යන තුරු කෝවිඩ් වෛරසය නැවත ආසාදනය වීමට ඇති හැකියාව විරල බව ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් සිදුකරන ලද අධ්‍යයනයකින් තහවුරු වී ඇත.

කෙටි කාලීනව හෝ එකම පුද්ගලයෙකුට දෙවතාවක් කෝවිඩ් ආසාදනය වීම විරල වීම සුබ දායක පුවතක් බව පර්යේශකයින් පෙන්වා දෙන්නේය.

තවද, කෝවිඩ් වෛරසයට එරෙහිව ඇමරිකාවේ ෆයිසර් සමාගම විසින් නිපදවන ලද එන්නත එරට ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරියේ අනුමැතිය සඳහා යොමුකර ඇති අතර එහි භාවිතය පිළිබඳ අවසන් තීරණය ලබන මස මුල් සතිය වන විට ගැනීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.