දක්ෂිණ අධිවේගයේ ගසාකෑම් සියල්ල එලියට.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිදු වී ඇතයි කියන දූෂණ පිළිබද අධ්‍යන වාර්තාවක් කෝප් කමිටුව විසින් නිකුත් කර ඇත.

මේ අනුව

මාර්ගයේ ශාක්‍යතා අධ්‍යනයට පමනක් රුපියල් බිලියන 1.5 ක් වැය වී ඇති අතර.

කඩවත සිට මීරිගම දක්වා මාර්ගයේ වැඩ කටයුතු 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලියන 8ක මූල්‍ය අලාභයක් සිදුව ඇත.

තවද ශාක්‍යතා අධ්‍යනයට සමාගම තෝරාගැනීමේදී ටෙන්ඩර් කැදවීමකින් තොරව සිදුවී ඇති බව අනාවරණය වී ඇත.

2012 දී උතුරු අධිවේගී මාර්ගය නමින් අදියර 3කට සීමාවී තිබූ ව්‍යාපෘතිය 2015 වන විට දක්ෂිණ අධිවේගී මාර්ගය ලෙස අදියර 4කට වෙනස් වීම සම්බන්ධව ද සිදුවී ඇති මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *